Thursday, May 2, 2024

General line - 0115112241

"රජය ලබාදුන් සහන පැකේජයේ ප‍්‍රතිලාභ තවමත් ප‍්‍රමාණවත් ලෙස ජනතාවට නොලැබේ"



බදු සහන සඳහා රජය ලබාදුන් සහන පැකේජයේ ප‍්‍රතිලාභ තවමත් ප‍්‍රමාණවත් ලෙස ජනතාව වෙත ගලාගොස් නොමැති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

කෙසේවෙතත් තවත් කෙටි කාලයක් ඇතුළත එම ප‍්‍රතිලාභ ජනතාව වෙත ගලායනු ඇති බවයි ඔහු විශ්වාසය පළ කළේ. ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා. 

පොහොර නොමිලේ ලබාදෙන බවට රජය ප‍්‍රකාශ කළ ද ඇතැම් ප‍්‍රදේශවල මිලදී ගැනීමට හෝ පොහොර නොමැති බවට ගොවීන් නගන මැසිවිලි සම්බන්ධයෙන්ද මෙහිදි ප‍්‍රශ්න කෙරුණා.

රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහභාගි වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.