Thursday, May 9, 2024

General line - 0115112241

වකුගඩු රෝග නිවාරණයටත් ඉන්දියාවේ බැල්ම




මෙරට වකුගඩු රෝගීන්ගේ ප‍්‍රතිකාර සේවා ඉන්දියාවට භාර දීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවසුවේ මෙරට සෞඛ්‍ය සේවාවේ වැදගත් අංශ නතු කරගැනීමේ ඉන්දීය සැලසුමේ කොටසක් ලෙස මෙය කි‍්‍රයාත්මක බවයි.

“ඩයලයිස් කරන්න මැෂින් 1000කුත් එක්ක වකුගඩු රෝගීන් බලාගන්නත් ඉන්දියාව එන්න හදන්නෙ. කැබිනට් පත්‍රිකාවක් ලෑස්ති කරල කියල ආරංචියි. එට්කා අත්සන් කරන්න අපි ඉඩනොදෙන නිසා කෑල්ලෙන් කෑල්ල දෙන්න හදනව. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ.“

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙම අදහස් පළ කළේ වෛද්‍ය චන්න ජයසුමන විසින් රචිත වකුගඩු සටන ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (02) පස්වරුවේ එක්වෙමින්. මෙරට කෘෂිකාර්මික වකුගඩු රෝගයේ සහ කෘෂිරසායන විරෝධී අරගලයේ නොපල කතාව කෘතියේ අන්තර්ගතයි.