Friday, May 3, 2024

General line - 0115112241

ලැප්ටොප් සොරකම් කරන මේ පුද්ගලයාගෙන් ප්‍රවේශම්වන්න – සොරකම්වල CCTV දර්ශන මෙන්න



කොළඹ සිට කළුතර,ඇල්පිටිය සහ අලුත්ගම වැනි බස්රථවල දී ලැප්ටොප් පරිගණක සොරකම් කිරීම් බහුලව සිදුවන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

 

 

වැඩි වශයෙන් සරසවි සිසුන්ගේ ලැප්ටොප් පරිගණක මෙලෙස සොරකම් කරන බවයි වාර්තා වන්නේ.

 

 

එවැනිම සොරකමක් පසුගිය දා කතරගම කොළඹ බස්රථයක සිදු වූ අතර සොරකමේ යෙදෙන පුද්ගලයා දෙදෙනෙක්ගේ ලැප්ටොප් සහිත බෑග් සොරකම් කර කළුතර බෝධිය අසළින් බැස ගොස් තිබෙනවා.

 

 

බස්රථයේ මැද කොටසේ ගමන් මලු රඳවන රාක්කයක තිබූ බෑගයක් සොරාගෙන පසුපස දොරටුවේ පඩිපෙළ බසින අතරතුර ගමන් මලු රඳවන රාක්කයක තිබූ තවත් බෑගයක් ඔහු සොරා ගන්නා ආකාරය බස්රථයේ වීඩියෝවක දැක්වෙනවා.

 

 

මෙම පුද්ගලයාව දන්නේ නම් ගාල්ල පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

 

index