Friday, April 26, 2024

General line - 0115112241

සිංහ කැන්ගරු දෙවන සටන ගාල්ලේදී හෙට ඇරඹෙයි




සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට (04) ආරම්භ වනවා. යොවුන් කී‍්‍රඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන් පිළිබද මෙම තරගයේදී දැඩි අවධානයක් යොමුව ඇත්තේ ඔවුන් දෙපළ පල්ලෙකැලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී සුපිරි දස්කම් දැක්වීම හේතුවෙන්.

ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ශී‍්‍ර ලංකාවට වාසිදායක කී‍්‍රඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ. එම කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 27 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන් තරග 15 ක ජය වාර්තා කිරීමට සමත් වුණා. කෙසේවෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට මෙතෙක් සමත් වී නැහැ.

දෙරට අතර එම කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 3 ක් පවත්වා ඇති අතර ඉන් තරග 2 ක ජය හිමිකර ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වුණා. එක් තරගයක් අවසන් වුයේ ජය පරාජයෙන් තොරවයි.