Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා ගැන තොරතුරු නොදෙන සිංගප්පූරු ජාතිකයන්ට දැඩි දඬුවම්




තමන් රැඳී සිටි ස්ථාන සහ ගමන් තොරතුරු ලබා නොදෙන නව කොරෝනා වෛරස් ආසාදිතයින් සිරගත කිරීමට සහ ඔවුන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා.

බලධාරීන් පවසන්නේ රට තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.  

සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ චීන ජාතික යුවළක්  සාවද්‍ය තොරතුරු ලබාදුන් බවට මේවනවිටත් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙපළ එම චෝදනා යටතේ වරදකරුවන් වුවහොත් ඔවුන්ට මාස 06 ක සිරදඬුවමක් සහ සිංගප්පූරු ඩොලර් 10,000 ක දඩ මුදලක් ද පැනවෙනු ඇති. 

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වුනු ඉරානයේ ඉහල පෙළේ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියෙකු ඊයේ මියගියා. මෙලෙස මියගොස් ඇත්තේ ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකවරයෙක්. ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් ඉරානය තුළ මියගිය රාජ්‍ය තාන්ත‍්‍රිකයින් ගණන 06 ක් වනවා.

මීට පෙර එරට පාර්ලිමේන්තු සභිකයෙකු ද නව කොරෝනා වෛරසයෙන් මියගියා. වෛරසය ආසාදනය වූ තවත් පාර්ලිමේන්තු සභිකයෙකු මේවනවිට කෝමා තත්ත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර අමෙරිකාවේ FBI නිලධාරියෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවී තිබෙනවා. අමෙරිකාවෙන් මේවනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 335 ක්.