Saturday, May 4, 2024

General line - 0115112241

නව මහබැංකු අධිපතිගේ නොදත් අතීතය මෙන්න



ශ‍්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලබන සඳුදා පත්කෙරෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අද (02)නිවේදනය කළා.

 
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ආර්ථික විශේෂඥයෙකු ලෙස ප‍්‍රකටව සිටිනවා.

 

1950 වසරේ උපත ලබා ඇති ඔහු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ එංගලන්තයේ හැරෝ විද්‍යාලයෙන්.

 

එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තා.

 

1973 වසරේදී ශ‍්‍රී ලංකා මහබැංකුවට සම්බන්ධ වූ ඔහු 1989 වසර දක්වා එහි ආර්ථික සමීක්ෂණ, සංඛ්‍යාලේඛන හා බැංකු අධීක්ෂණ අංශයේ සේවය කර තිබෙනවා.

 

1990 සිට 2008 වසර දක්වා ඔහු සේවය කළේ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේ ආර්ථික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙසයි.