Sunday, May 5, 2024

General line - 0115112241

නව කොරෝනා වෛරසයෙන් බේරෙන්න හොදම ස්ථානය ශී‍්‍ර ලංකාව බව සංචාරක උපදේශකවරයෙක් කියයි




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී ජීවත්වීම ස`දහා සංචාරය කළ යුතු හොඳම ස්ථානය ශ‍්‍රී ලංකාව බව බි‍්‍රතාන්‍යයේ සංචාරක උපදේශකවරයෙකු වන පෝල් චාල්ස් පවසනවා. ශ‍්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණය ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වන ස්කයි නිවුස් සමග සම්මුඛ සාකච්ඡුාවකදී පෝල් චාල්ස්  මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා. 

ගෝලීය වශයෙන් මේ දිනවල ප‍්‍රමුඛ අවධානමක් වන නව කොරෝන පිළිබ`දවත් එයින් ආරක්ෂා වීමට සංචාරකයන්ට දියහැකි උපදෙසක් පිළිබඳවත් සාකච්ඡුාව මෙහෙය වූ මාධ්‍යවේදියා මෙහිදී ප‍්‍රශ්න කළා. නව කොරෝන  වෛරසයෙන් ආරක්ෂා වීමට උෂ්ණ කාලගුණයක් ප‍්‍රදේශ වඩාත් සුදුසු බවයි සංචාරක උපදේශකයෙකු වන පෝල් චාල්ස් ඊට පිිළිතුරු දෙමින් කියා සිටියේ. සෙල්සියස් අංශක 29 ට වැඩි උෂ්ණත්වයකින් යුත් ප‍්‍රදේශවලින් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් වාර්තා නොවන බවත් ශ‍්‍රී ලංකාව හා කැරිබියන් දුපත් එවැනි ස්ථාන බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.