Thursday, May 9, 2024

General line - 0115112241

සන්ධානයකට සාකච්ඡා සිදු වෙද්දී වෙන වෙනම තරග කරන්න සූදානම් වෙයි




දුරකථනය ලකුණ යටතේ එළඹෙන මහ මැතිවරණයට තරග කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබුණත් එක්සත් ජාතික පක්ෂයද සමගි ජන බලවේගය යටතේම තරග කරන්නේද නැතහොත් ඔවුන් වෙනම ලකුණක් යටතේ මහ මැතිවරණයට තරග කරන්නේදැයි තවදුරටත් සංවාද පවතිනවා.

ඒ, අනුව තනි සන්ධානයක් යටතේ තරග කිරීමට සාකච්ඡා සිදුවෙමින් තිබුණත් වෙන් වෙන්ව තරග කිරීම සඳහාද දෙපාර්ශවයම සූදානම්වෙමින් සිටින බවයි නෙත් නිවුස් මේ පිළිබඳ කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්තනායකද පැවසුවේ.

තනි සන්ධානයක් යටතේ මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සිදුවන සාකච්ඡා මේ දක්වාත් සුභදායි නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙවැනි පසුබිමක් පැවතියදී සමගි ජන බලවේගය යටතේ තරග කරන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ඉඩකඩක් නොමැතිදැයි නෙත් නිවුස් ප‍්‍රශ්න කළා.

එහිදී තිස්ස අත්තනායක කියා සිටියේ සමගි ජන බලවේගය ගොඩ නැගීමට තීරණය කර තිබෙන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් මත බවයි. එවිට සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කිරීමවත් එයින් තරග කරන්නේ නෑ කියන කාරණයවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයක් නොවන බවත් සඳහන් කළා.

සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවට කිහිපයක් අදත් පැවැත්වීමට නියමිතයි.