Thursday, May 9, 2024

General line - 0115112241

එජාපය ලිපියක් නිකුත් කරයි




ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් තරග කරන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇති බැවින් ඒ සඳහා පූර්ණ සහය ලබාදෙන්නැයි එම පක්‍ෂයේ සියළුම පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙත එම පක්‍ෂය ලිඛිතව දන්වා තිබෙනවා.

පක්‍ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ දැක්වෙන්නේ වෙනත් දේශපාලන හෝ වෙනත් කි‍්‍රයාකාරිත්වයකට සහය නොවීමට වගබලා ගන්නා ලෙසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් මෙම තීරණයට පටහැනිව කි‍්‍රයාකරන පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට එරෙහිව පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව විනය පියවර හෝ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද පියවර ගන්නා බවයි එම ලිපියේ දැක්වෙන්නේ.