Saturday, April 27, 2024

General line - 0115112241

තරුණයන් කෘෂිකර්මාන්තයට යොමු කරවීමට ජනපතිගෙන් සැලසුම්




තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමු වීම නතර වී ගොවිතැනට ආකර්ශණය වන කෘෂි ආර්ථිකයක් ගොඩ නගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

උසස් ක‍්‍රමවේද භාවිතයෙන් කුඩා භූමි ප‍්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින් වැඩි ගුණාත්මක අගයකින් යුත් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි කෘෂි ආර්ථිකයක් ගොඩ නැගීම තම ප‍්‍රතිපත්තිය වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට මොණරාගල දිස්ති‍්‍රක්කයෙන් තරඟ වැදී සිටින අපේෂකයින්ගේ ජය තහවුරු කිරීම ස`දහා එම දිස්ති‍්‍රක්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම චාරිකාව ආරම්භ වූයේ තණමල්විල ජාතික පාසල් ක‍්‍රීඩාංගණයෙන්. පාසලේ පවතින අඩුපාඩු සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කර දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාපතිවරයා වෙත එහිදී උපදෙස් ලබා දුන්නා. 

වනඅලි තර්ජනය, ඉඩම් ඔප්පු නොලැබීම ආදී මොණරාගල දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ ගැටලූ ගණනාවක් කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.