Friday, May 10, 2024

General line - 0115112241

සියලුම කුඩා හා එක්දින ධීවර යාත්‍රාවලට නිවේදනයක්




හෙට (07) දිනය දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ වන විට දිවයින වටා පවතින් අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් මෙලෙස කුඩා හා එක්දින ධීවර යාත්‍රා අවධානමකට ලක්විය හැකි බවයි පෙන්වා දෙන්නේ.