Wednesday, February 5, 2025

General line - 0115112241

ගාලු තරඟයේ ‘නිහඬ වීරයා‘ නිහඬවම තැබූ වාර්තාව මෙන්න




අඩුම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුළු 50 සම්පූර්ණ කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට දිල්රුවන් පෙරේරා පත්ව තිබෙනවා.

ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ මේ වන විට පැවැත්වෙන ශ්‍රිලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟයේදී වන අතර එය ඔහුගේ 11වන ටෙස්ට් තරඟයයි.

මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ අජන්ත මෙන්ඩිස්.

ඔහු සිය ටෙස්ට් කඩුලු 50 සම්පූර්ණ කිරීමට ටෙස්ට් තරඟ 12 වැයකර තිබුණා.