Thursday, May 9, 2024

General line - 0115112241

රජයේ ප‍්‍රකාශන කාර්යාංශය සහ ප‍්‍රකාශන පියස තාවකාලිකව වසා දැමේ




රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප‍්‍රකාශන කාර්යාංශය හෙට සිට ලබන 16 දින දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශ පියසද නැවත දැනුම් දෙන තුරු වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව සදහන් කළා.