Thursday, May 9, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට




මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

එලෙස හඳුනා ගනු ලැබූ රෝගීන් ගෙන් එක් අයෙකු කර්මාන්ත ශාලාවේ සේවකයෙක් වන අතර සෙසු 08 එම සේවක පිරිසගේ ආශ්‍රිතයින් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා රෝගී පොකුරේ සමස්ත රෝගීන් ගණන 1053 ක් දක්වා ඉහළට.