Thursday, May 9, 2024

General line - 0115112241

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා 

කටුනායක ටී.කේ.ජී.කපිල 




කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා.

මිට පෙර එම ඇගළුම් කම්හලේ සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවීම සමග එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවකයින් PCR පරීක්ෂණ වලට ලක් කිරීමට කටයුතු කර් ඇති අතර එම වාර්තා අද සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී තිබුණා.
              
එම ප්‍රතිඵල වලට අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙසේ කොරෝනා රෝගය ආසාදනය වූ සේවක පිරිස වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට මේ වනවිට කටුනායක සෞඛ්‍ය බලධාරීන් පියවර ගනිමින් සිටියි.