Thursday, May 9, 2024

General line - 0115112241

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා : වාට්ටු 02ක් සහ ශල්‍යාගාරයක් වසා දැමේ 




කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවිකාවන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. 69 සහ 3 යන වාට්ටුවල සහ ශල්‍යාගාරයක මොවුන් සේවය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මේ වනවිට අදාළ වාට්ටු දෙකේ සහ ශල්‍යාගාරයේ රාජකාරී කළ කාර්ය මණ්ඩලය ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් සඳහන් කළේ. මේ වනවිට මෙම වාට්ටු දෙක සහ ශල්‍යාගාරය තාවකාලිකව වසා දමා තිබෙනවා. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කළ සාත්තු සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැනුණා. ඇය සමග කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මෙම සේවිකාවන් තිදෙනා එක්ව නවාතැන් ගෙන සිටි බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 05 ක් වයසැති බිළිඳෙකුට සහ බිළිඳාගේ පියාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඒ අනුව ඔවුන්ගේ ආශ‍්‍රිතයින් සඳහා සිදු කෙරුණු පී සී ආර් පරීක්ෂණයේදී, අදාළ සාත්තු සේවිකාවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.