Saturday, November 23, 2024

General line - 0115112241

හදවත්වල සැබෑ සතුට සොයා යන  වැඩිහිටි සහ පොඩිහිටි චාරිකාව




අපි කාගෙත් ජීවිත පරම්පරා තුනක එකමුතුවක්. අපි හැම කෙනෙක්ම ජීවිතය පටන්ගන්නේ මාපියන්ගේ බැඳිම එක්ක. ජීවිතයේ අර්ධයකදී අපි තවත් බැඳීමකට උපත දෙනවා.

ඒ තමයි අපේම දරැවන්. පෙර පරම්පරාවත් අපිත් අපේ දරැවන්වන අනාගත පරම්පරාවත්  අපිව එකට බැඳ තබන්නේ එකම ලේ බැම්මකින්. ඔබ දන්නවද සොබාදහම විසින් මේ බැඳීම ලබාදෙන්නේ ඒ තුළම අපේ පරිපූර්ණ සතුටත් සම්බන්ධ කරලයි. අපේ දරැවන්ගේ සිනහවත් අපේ වැඩිහිටියන්ගේ සොම්නසත් ඇති හැම මොහොතකම අපේ හවත්වලට පරිපූර්ණ සතුටක් විඳින්න ලැබෙනවා.

ජීවිතය කාර්ය බහුල වෙද්දි අපිට ඇති කාලය සීමිත වෙනවා.අනායාසයෙන්ම වැඩියෙන්ම අපේ කාලය වෙන් වෙන්නේ දරැවන්ගේ වගකීම් වලට සහ ජීවිකාවේ වගකීම්වලට. අපේ දෙමාපියන් වැඩිහිටියන් වන නිසා ඔවුන්ට පුලුවන් අපේ ජීවන අරගලය වටහා ගන්න. ඔවුන් අපිට හැමවෙලාවකම ආශිර්වාද කරන්නේ ඒකයි. චෝදනා නොකර ඔවුන්ව බැහැදකින්න එනකම් මග බලාගෙන ඉන්නෙ ඒකයි. ඒත් ඔවුන් එය සිදුකරන්නේ කැමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙනුත් නෙමෙයි. ඉවසීමෙන්. තනිකම දරාගෙන, දුර්වල සිරැර වත්තම් කරගෙන ඔවුන් ජීවිතයේ අවසන් අවදිය පසුකරමින් ඉන්නවා. ඔවුන්ගේ සැඳෑකාලය වඩාත් සුන්දර කරන්න පුලුවන් දරැවන්ගේත් මුණුපුරන්ගේත් සහයෝගයට සහ ආදරයටයි.

ඒ වගේමයි දරැවන් පිළිබඳ කතාවත්. ඔවුන් ජීවිතයට අලුත්, ඒ නිසාම ඔවුන්ගේ හිත් හැමවෙලේම පිරිලා තියෙන්නෙ කුතුහලයෙන්. ඔවුන් අත්හදාබැලීම් වලට බොහොම උනන්දුයි. දෙමාපියන් ඔවුන් ගැන හරි අවධානයක හිටියෙ නැත්නම් ඕනෙම අවධානමක් ගන්න ළමයි හිත හිත ඉන්නෙ නෑ. අන්න ඒ නිසාම ළමයින්ට වැඩිහිටිගේ අවධානය සහ ආදරය අත්‍යාවශ්‍යයි. ඔවුන් සතුටින් වැඩෙන්නේ, ඔවුන්ගේ පෞර්ෂය සුන්දරව සහ ශක්තිමත්ව ගොඩ නැගෙන්නේ ආදරය සහ ආරක්ෂාව තියෙන ලෝක ඇතුලේ.

ඉතිං මේ වැඩිහිටි පොඩිහිටි ලෝක අතර මැද ඉන්න අපි හැමවෙලාවකම ඔවුන්ගේ ආරක්ෂයන් වෙනවා. හැමවෙලාවකම ඔවුන්ගේ සැබෑ ශක්තිය බවට පත්වෙනවා. අපි නිසි ආරක්ෂාව නිසි අවධානය සහ ශක්තිය නොදුන්නොත් මේ වැඩිහිටි පොඩිහිටි ලෝක සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒවා කුමකින්හෝ අසම්පූර්ණයි, කණගාටුදායකයි. 

වැඩිහිටියොත් එන්න එන්න පොඩි ළමයි වගේ.. මේක පොදුවේ නිතර ඇහෙන කතාවක්. හැම කෙනෙක්ම එකවරක් හරි අහලා තියෙන කතාවක්. ඇත්තටම මේ කතාව මොකක්ද? 
පිරිසක් ඔවුන්ගේ හදවත්වලටත් එබිලා බලලා මේ පිළිබඳ අපූරැ ගවේශනයක් කරලා තිබුණා. 

ඒ හදවත් වල ඇති දුක සතුට සහ බලොපොරොත්තු ඔවුන් රෑපගත කරලා තිබුණා. ඒ අපිට ඒවා දකින්න සලස්වන්න. සුහද හදක් ඇති සෙලාන් බැංකුව සහ බුටික් ඒජන්සිය එකතුවෙලා ලොක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සමාජයට එකතු කරපු පණිවිඩය නිර්මාණය වුණේ එහෙමයි. එය බොහොදෙනෙක් හදවතින්ම වැළඳගත්තා. බොහොදෙනෙක් තමන්ගේ කාර්ය බහුල ජීවිතය අස්සේ මග හැරිලා තිබුණු සොබාදහම විසින් තමන්ට දුන්න පොඩිහිටි වැඩිහිටි ලේ බැම්ම ගැන අලුතින් සංවේදී වෙන්න පටන්ගත්තා. 

ඔවුන් එහිදී ඒ කතා බහ පටන් ගන්නේ පුංචි ප්‍රශ්නයකින්.

 ඔවුන් අහනවා වැඩියෙන්ම සතුටට පත්වුණ මොහොත මොකක්ද කියලා?

පොඩිහිටියොත් උත්තර දෙනවා වැඩිහිටියොත් උත්තර දෙනවා.

පොඩිහිටියා කින්නේ සෙල්ලම් කරද්දි කියලයි..
එතකොට එක වැඩිහිටියෙක් ට්‍රිප් එකක් ගිය දවසක් මතක් කරනවා.. 
‘’ ට්‍රිප් එකක් ගියා අපිටත් නටන්න උනා දේවාලෙට යනකම්ම”
වැඩිහිටියා පොඩිහිටියෙක් වගේ හිනාවෙනවා..
තව වැඩිහිටියෙක් කියන්නේ තමන් වැඩියෙන්ම සතුටුවෙන්නේ මුණුපුරා මුනගැහැන දවසට කියලයි..

ඉන් පස්සේ තව අලුත් ප්‍රශ්නයක් ඇහෙනවා..

වැඩියෙන්ම දුක්වුණ දවස කවද්ද?

වැඩිහිටි අම්මා කෙනෙක් කියන්නේ,
‘’වැඩියෙන්ම දුක් වෙච්ච දවස නම් මගෙ හස්බන් නැති වෙච්ච දවස’’ කියලයි..

එක පොඩිහිටියෙක්ට නම් වැඩිම දුක ඉස්කොලෙ යන දවස්ලු..
හේතුව ,
‘’ඉස්කෝලෙ යනකොට දුවන්න පනින් බෑ’’

ඔවුන් තවත් ප්‍රශ්නයක් අහනවා..

වැඩියෙන් බය හිතුන දවස?

එක පොඩිහිටියෙක්ට නම් කිසිදවසක බය හිතිලම නෑලු.

එක වැඩිහිටියෙක් බය වෙලා තියෙන්නේ බයික් එක ඇක්සිඩන්ට් වුණ දවසක..
තව පොඩිහිටියෙක් බය වෙලා තියෙන්නේ සයිලන්සර් එකට පිච්චුන දවසක..

තව වැඩිහිටියෙක් අලියෙක්ට බය වෙලා.
‘’අලියෙක් ඇවිල්ලා හොඩවැල දැම්මා අපි කෑගැහුවා’’  ඒ අම්මා කියනවා.

එක පොඩිහිටියෙක්ගෙ ලොකුම බය අයියා ඇති කරන බය.
‘’අපේ අයියා බය කරද්දි තමයි බය වෙලා තියෙන්නෙ’’

තව වැඩිහිටියෙක්ගේ බය හිතෙන දවස ගෙදරට හොරෙක් ආව දවස..

මේ දෙගොල්ලාම ඇත්තටම එකවගේ.. මේ වෙද්දි අපිටම හිතෙනවා. හරිම සුන්දරයිනේ.. අපේ හදවත් වලටත් ඒ හැගීමත් දැනෙනවා.

ඒත් ඕවුන් අහන අවසාන ප්‍රශ්නය හැමෙද්ම වෙනස් කරනවා. අලුත් අවබෝධයක් එක්ක අපිව සංවේදී කරනවා..

හිතන ඔනෙම දෙයක් ලබාගන්න වරමක් ලැබුණොත් මොනවද ඉල්ලන්නේ?

වැඩිහිටියෙක් - නිරෝගිව සෑහෙන්න කාලයක් ජීවත් වෙන්න
පොඩිහිටියෙක් - බයිසිකලයක්
පොඩිහිටියෙක් - ලැප්ටොප් එකක්
වැඩිහිටියෙක් - හොඳින් සතුටින් ඉඳලා මැරෙන්න තියෙනව නම් ඇති
පොඩිහිටියෙක් - මේකප් බඩු සෙට් එකකුත් ඉල්ලනවා

මේ උත්තර එක්ක අපිට දැනෙනදේම දැන්වීමේ ඊළඟ වචන මාලාවෙන් අපිට ඇහෙනවා..

‘’පොඩිහිටියන්ගේ සිතුම් පැතුම් හරිම සරලයි ඒ වගේම හරිම පිවිතුරැයි ඒ එයාලා තවම ජීවිතේට අලුත් නිසා.
වැඩිහිටියන්ගේ සිතුම් පැතුම් හරිම සංවේදියි ඒ වගේම බැරෑරැම් ඒ එයාලා ගොඩක් කල් ජීවත් වෙලා තියෙන නිසා”

ඔවුන් සරල ඇත්තක් සංවේදීව මතුකරලා පෙන්නවා. අපේ හදවත් වලට ඒ හැගීම දැනෙනවා.. ඒ වගේම ඒ සංවේදී මොහොතේම ඔවුන් වැඩිහිටියන්ගේ පොඩිහිටියන්ගේ සතුට සමග ගෙවෙන ජීවිත වාසනාවන්තයි කියන පණිවිඩයත් අපේ හදවත් වලට ඇතුල් කරනවා.. 

‘’මේ දෙගාල්ලන්ගෙම සිතුම් පැතුම් එක්ක මුසු වෙලා ජීවිතේ ගෙවන අය හරිම වාසනාවන්තයි
සුහද හදින් හැමෝටම එකවගේ සලකන සෙලාන් බැංකුවෙන් හදවතට පණිවිඩයක්’’

සෙලාන් බැංකුව සහ බුටික් ඒජන්සිය එකතුවෙලා සමාජගත කරපු මේ හැගීම බොහෝ දෙනා ආදරයෙන් වැළඳ ගන්නවා. ජීවිතයේ සැබෑ සතුට පරිපූර්ණ කරගන්න තරම් වාසනාවන්ත වෙන්න ඕනේ.. අපිටත් එහෙම හිතෙනවා. 
පණිවිඩයට ස්තූතියි!
අපි සෙලාන් බැංකුවට කියනවා.