Friday, May 10, 2024

General line - 0115112241

ඇමරිකාවේ සැපයුම් යාන්ත්‍රණයම චීනයේ ග්‍රහණයට




චීනය ක්‍රමානුකූලව ඇමරිකාවේ සැපයුම් යාන්ත්‍රණයේ හැසිරවීම තමන් වෙත නතුකරගෙන ඇති බව ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය නම් විශේඥ උපදේශන ආයතනය සදහන් කරයි.

එම ආයතනය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ බීජිංහි ආර්ථික  බලපෑම්වලින් තොරව  ආරක්ෂක උපකරණ නිපදවීමට පවා ඇමරිකාවට නොහැකි වන තරමට තත්වය දරැණු වී ඇති බවයි.

ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතියේ ආරක්ෂක අධ්‍යක්ෂ ලූකස් කූන්ස් පවසන අන්දමට චීන අමුද්‍රව්‍ය ඇතුලු සැපයුම් නොමැතිව ආරක්ෂක උපකරණ වැනි  භාණ්ඩ පවා  නිෂ්පාදනය කිරීමට ඇමරිකාවට හැකියාවක් නොමැති තරමට තත්වය දරැණු වී තිබේ.

මේ හේතුවෙන් ඇමරිකාවේ ආර්ථික ශක්තිය දුර්වල වී ඇති බවත් ඇමරිකානු ශ්‍රමිකයන්ගේ විශේෂඥතා හැකියාවන් පවා අවදානමකට ලක්ව ඇති බවත් හෙතෙම සදහන් කර තිබේ.

ඇමරිකානුවන් භාණ්ඩ මිලදී ගැනීමෙිදී තමන්ගේ අවශතාවය සහ ආර්ථික වාසිය පමණක් ඉලක්ක කර ගැනීම වර්ධනය වී ඇති බැවින් චීනයට මෙලෙස තමන්ව පාලනය කිරීමට හැකිවී ඇතැයිද ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය පෙන්වා දෙයි.