Friday, May 10, 2024

General line - 0115112241

කුමන්ත්‍රණයෙන් පසු මියන්මාර හමුදාව අවි සමග පාරට බසියි




මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු පලමු වරට එරට හමුදාව සන්නද්ධ රථ සහ අවි ආයුධ සහිතව වැඩි වශයෙන් මියන්මාරයේ මාර්ගවල ගමන් කරමින් සිටින අයුරු දක්නට ලැබෙනවා. ඒ, හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම විරෝධතා උත්සන්න විමයි. විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතා මර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස සන්නද්ධ හමුදාව වැඩි වශෙයෙන් සාමාන්‍ය ජනතාව අතරට යොමු කර ඇති බවයි. 

ඉකුත් පෙබරවාරී 01වනදා සිදු වූ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දස දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල නිරත වනවා. ඒ අතරතුර එරට හමුදා නායකයින් අද ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් අවුන් සාන් සුචී තවත් දින 02ක් නිවාස අඩස්සියේ රඳවා තබන බවයි. අද දිනයේ දී අවුන් සාන් සුචී නිවාස අඩස්සියෙන් නිදහස් කරනු ඇති බවට මීට පෙර වාර්තා පල වුණා.