Saturday, September 21, 2024

General line - 0115112241

ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි 11 ඉක්මවයි




ලොවපුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද කෝටි 11 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී ලොවපුරා රටවලින් තවත් කොරෝනා ආසාදිතයින් තුන්ලක්ෂ 42,151 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. 

ඒ අනුව මේවනවිට ලොවපුරා රටවලින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකොලොස් කෝටි 35,725 ක්. තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දෙකෝටි අසූතුන් ලක්ෂ 81,000 ක්. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි නව ලක්ෂ 37,000 ක් වනවා. 

මේ අතර ලොව පුරා රටවලින් මේවනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව විසි හතර ලක්ෂ 29,222 ක්. ගතවු පැය 24 දී පමණක් ලොව පුරා රටවලින් කොරෝනා මරණ 9,777 ක් වාර්තා වුණා. කොරෝනා වෛරසය ආසාදනය වී ලොව පුරා පුද්ගලයින් අට කෝටි හතලිස් අටලක්ෂ 65,059 දෙනෙකු මේවනවිට පූර්ණ සුවය ලබා තිබෙනවා.