Sunday, May 5, 2024

General line - 0115112241

මෙරටට පැමිණෙන සංචාරකයින් ක්‍රමයෙන් අඩු වෙලා - සංචාරක ඇමති




මෙරටට පැමිණෙන සංචාරකයින් ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 4000කට ආසන්න පිරිසක් බවටයි වාර්තා පල වුණේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත කියා සිටියේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් විවිධ සීමා පනවා තීබීම මෙම තත්ත්වයට හේතුව බවයි. 

පවතින තත්ත්වය යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරට ගෙන්වීම සම්බන්ධයෙන්ද නැවත සළකා බැලීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීමට අවසර ලබානොදීමට ද බලධාරීන් තීරණය කළා. ඒ, ඉන්දියාවේ පවතින දරුණු කොරෝනා තත්ත්වය හේතුවෙන්.