Saturday, September 21, 2024

General line - 0115112241

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන්ගෙන් එකඟතාවක්




රජයේ සහතික මිලටම වී තොග මිලදී ගැනීම සඳහා සියලුම සහල් මෝල් හිමියන් අද එකඟතාවකට පැමිණියා. ඒ, වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව මින් ඉදිරියට ඕනෑම පාර්ශවයක් විසින් වී මිලදී ගනු ලබන්නේ රජයේ සහතික මිලට පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ. 

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී කියා සිටියේ අතරමැදි පාර්ශව විසින් වී මිලදී ගෙන ජාවාරම්වල නිරත වීම මින් ඉදිරියට නතර කළ යුතු බවයි.

මෙම සාකච්ඡාවට එක් වූ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන ද එහිදී අදහස් පළ කළා.