Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සොයන ඇස්ට්‍රාසෙනිකා ගැන ජපානයෙන් පණිවිඩයක්




දෙවන මාත්‍රාව ලබාදීම සඳහා හිග වී ඇති ඇස්ට්‍රාසෙනික එන්නත් තොගය ලබන 29 වනදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසනවා. එලෙස එන්නත් ලැබෙනුයේ ජපානයෙන්. ඇස්ට්‍රාසෙනික එන්නත් තොගය සූදානම් බව ජපන් බලධාරීන් ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට දැනුම් දීමක් ද කර තිබෙනවා. 

ඒ අනුව ලක්ෂ 10 ක එන්නත් තොගයක් මෙරටට ලැබෙනු ඇති බවට අපේක්ෂිතයි. මේවනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇත්තේ ඉන් පුද්ගලයින් තුන් ලක්ෂ 85,885 දෙනෙකුට පමණයි. ඒ අනුව තවත් පුද්ගලයින් පන් ලක්ෂ 39,357 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිය යුතුයි. 

සෞඛ්‍ය අංශ පැවසුවේ ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු සහ දෙවන මාත්‍රා සඳහා අවශ්‍ය වන පරිදි බෙදා වෙන් කර ජනතාවට ලබාදීමට නියමිත බවයි. එහිදී නිධන්ගත රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයින් වෙනුවෙන් එම එන්නත් මාත්‍රා ලබාදෙනු ඇති.