Thursday, May 9, 2024

General line - 0115112241

හයිටි රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවිමක්




හයිටි රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, බටහිර හයිටි හි රිච්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවීමත් සමගයි.

සුනාමි රළ පහර අඩි 3-9 දක්වා උසකින් හයිටි රාජ්‍යයේ වෙරළ කලාපයන් වෙත ඇදී එනු ඇති බවයි අමෙරිකානු පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

හයිටි හි පිහිටි Port-au-Prince වරායේ සිට කිලෝමීටර් 08ක් දුරින් පිහිටි මුහුදේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.

භූමිකම්පාවෙන් හයිටි රාජ්‍යයේ ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව ඇති අතර සිදුව ඇති ජිවිත හානි සම්බන්ධයෙන් මේ දක්වා නිසි තොරතුරක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මිට වසර 11කට පෙර පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.0 අගයකින් යුත් භූමිකම්පාවක් හයිටි රාජ්‍යයෙන් වාර්තා වුවා.