Thursday, May 9, 2024

General line - 0115112241

හයිටි භූකම්පනයෙන් මිය ගිය ගණන 300 ඉක්මවයි




හයිටි රාජ්‍යයට ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි බී බී සී ලෝක සේවය පවසනවා. මෙම භූකම්පනයේ ප්‍රබලත්වය සටහන් වුයේ රිච්ටර් මාපංක ඒකක 7.2ක් ලෙසයි. අමෙරිකානු භු විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ හයිටි හි පිහිටි පෝර්ට් ප්‍රින්ස් වරායේ සිට කිලෝමීටර් 08ක් දුරින් පිහිටි මුහුදේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි.

එම භූකම්පනයෙන් පසු හයිටි රාජ්‍ය සහ අසල්වැසි රටවල් කිහිපයකට සූනාමි අනතුරු ඇගවීම්ද නිකුත් කෙරුණා. භූකම්පනයෙන් හයිටි රාජ්‍යයේ දෙවස්ථාන නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

එම භූ කම්පනයෙන් පුද්ගලයින් 1,800කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර මිය ගිය ගණන පුද්ගලයින් 304කට අධික බවද එම වාර්තාවල දැක්වෙනවා. 

මිට වසර 11කට පෙර පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.0 අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක්ද හයිටි රාජ්‍යයෙන් වාර්තා වුණා.