Thursday, May 9, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරය තලෙයිබාන් සටන්කාමීන් අතට - වහාම ගෙන්වා ගන්නැයි කාබුල් නුවර සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රජයෙන් ඉල්ලයි




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පවතින ගැටුම් හේතුවෙන්  ශ්‍රී ලාංකිකයින්ගෙන් බොහෝ දෙනෙකු තමන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සිය කාර්යාංශය සහ විදේශ අමාත්‍යාංශය ඊට අවශ්‍ය මැදිහත් වීම් සිදු කරමින් සිටින බවයි  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය පැවසුවේ.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇතුලු සියලු ප්‍රධාන නගර මේ වනවිට තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර තිබෙනවා. පවතින ගැටුම් හමුවේ එරට ජනාධිපති අස්රොෆ් ගහනිද ටජිකිස්ථානය වෙත පළා ගොස් ඇති බවයි විදේස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා රටින් පලායාමත් සමග තලෙයිබාන් කැරළිකරුවන් එරට ජනාධිපති මන්දිරයේ පාලනයද සියතට ගෙන තිබෙනවා.

මේ අතර හයිටි රාජ්‍යයට ප්‍රබල භූකම්පනයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් නොමැති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. එරට ශ්‍රී ලාංකිකයින් 250 කට අධික සංඛ්‍යාවක් රැකියාවල නිරතව සිටින බවත් ඔවුන ආරක්‍ෂිතව සිටින බවත් අමාත්‍යවරයා ට්විටර් සටහනක් නිකුත් කරමින් සදහන් කළා. 

හයිටි රාජ්‍යයට බලපෑ මෙම භුමිකම්පාවෙන් පුද්ගලයින් 304 කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් පුද්ගලයින් 1,800 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.