Thursday, May 9, 2024

General line - 0115112241

තලේබාන්වරැන්ට එරෙහිව ලොව පුරා රටවල් රැසක විරෝධතා 




තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමට එරෙහිව රටවල් රැසක විරෝධතා ව්‍යාපාර පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තලේබාන් සංවිධානයට බියෙන් වරින් වර රට හැර ගොස් සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයන් විශාල වශයෙන් මෙම විරෝධතාවලට සම්බන්ධව සිටි බවයි.

කැනඩාව ,එක්සත් රාජධානිය , ඔස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රියාව ඇතුලු රටවල් රැසක මෙම විරෝධතා ව්‍යාපාර පැවති බව සදහන්.

විරෝධතාකරැවන් සදහන් කළේ ඇෆ්ගනිස්තානයේ බලය යළි තලේබාන් සංවිධානය යටතට පත්වීම මහා මානුෂික ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇති බවයි.

විශේෂයෙන්, මේ සමග කාන්තා සහ ළමා අයිතිවාසිකම් බරපතල ලෙස සීමාවනු ඇති බව විරෝධතාකරැවන් සදහන් කළා.

තලේබාන් සංවිධානයට යළි බලය අල්ලා ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් පකිස්තානයට චෝදනා කළ විරෝධතාකරැවන් වැඩිදුරටත් සදහන් කළේ පකිස්තානයට සම්බාධක පැනවීමට කටයුතු කළ යුතු බවයි.