Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් අවදානම නිසා තවත් නගර රැසක වෙළදුන් ස්වයං අඟුලු දමා ගනී




පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ අවදානම සැලකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර ඇත්තේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමටයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් එම තීරණය ගත් බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමයේ සභාපති උපාලි ඒකනායක පැවසුවේ. 

මේ අතර කෑගල්ල නගරයේ සියලුම වෙළඳසැල් හෙට සිට සති දෙකක් වසා තැබීමට තීරණය කර ඇති බවයි කෑගල්ල සිංහල වෙළඳ සංගමයේ සභාපති ආනන්ද දසනායක පැවසුවේ.

ගාල්ල නගරයට ජනතාවගේ පැමිණීම විශාල ලෙස අඩුවී ඇති බවයි නෙත් නිවස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.

මේ අතර ගම්පහ, වේයන්ගොඩ, දිවුලපිටිය, අම්බලන්ගොඩ, අම්බලන්තොට, කැකිරාව සහ මාතලේ පලාපත්වල ආදී නගර රැසක වෙළදසැල් ඊයේ දිනයේ සිට වසා දැමීමට පියවර ගෙන තිබුණා.