Thursday, May 9, 2024

General line - 0115112241

පන්ජ්ෂීර් ගැටුම්වලදී තලෙයිබාන් සටන්කාමීන් 1500 ක් NRF භාරයට




ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නය අත්පත් කර ගැනීම සඳහා තලෙයිබාන් සංවිධානය සහ එම නිම්නයේ බලය පවතින NRFහෙවත් ජාතික ප්‍රතිරෝධී පෙරමුණ අතර තවදුරටත් දරුණු ගැටුම් පවතිනවා. 

එම ගැටුම් සම්බන්ධයෙන් මේවනවිට පළවන වාර්තාවන්හි දැක්වෙන්නේ ජාතික ප්‍රතිරෝධී පෙරමුණ විසින් තලෙයිබාන් සටන්කාමීන් 1500 කට අධික පිරිසක් සිය භාරයට ගෙන ඇති බවයි. පන්ජ්ෂීර්හි පර්යාන් දිස්ත්‍රික්කයෙන් තලෙයිබාන් සටන්කාමීන් සම්පූර්ණයෙන් පලවා හැරීමට ජාතික ප්‍රතිරෝධී පෙරමුණ සමත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ අහමද් මසූද්ගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රතිරෝධී පෙරමුණේ ප්‍රහාර හමුවේ තලෙයිබාන් සටන්කාමීන් 1000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව හෝ තුවාල ලබා ඇති බවයි. කෙසේවෙතත් කිසිඳු පාර්ශවයක් විසින් එම වාර්තා මෙතෙක් තහවුරු කර නැහැ. 

කෙසේවෙතත් පන්ජ්ෂීර් නිම්නයට අයත් ප්‍රදේශ කිහිපයක බලය මේවනවිට තමන් යටතේ ඇතැයි තලෙයිබාන් සංවිධානය ද පවසනවා. දෙපාර්ශවයම තමන් ජයගෙන ඇති බව පවසන හෙයින් පන්ජ්ෂීර් නිම්නයේ පවතින ගැටුම් තවමත් තීරණාත්මක බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.