Thursday, May 9, 2024

General line - 0115112241

පන්ජ්ශීර් නිම්නයේ බලය යළිත් ගත් බව තලෙයිබාන් සංවිධානය කියයි




ඇෆ්ගනිස්තානයේ පන්ජ්ශීර් නිම්නයේ බලය සම්පූර්ණයෙන් අත්පත් කර ගත් බව තලෙයිබාන් සංවිධානය යළිත් පවසනවා. 

ඒ, දින කිහිපයක් පුරා පැවැති දරුණු ගැටුම්වලින් පසුවයි. කෙසේවෙතත් තලෙයිබාන් සංවිධානයේ එම ප්‍රකාශයන් ජාතික ප්‍රතිරෝධී පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

ඔවුන් පවසන්නේ පන්ජ්ෂීර් නිම්නයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් සියලු ස්ථානවල බලය පවතින්නේ සිය කණ්ඩායම යටතේ බවයි. 

මේ අතර පන්ජ්ෂීර් නිම්නය වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ජාතික ප්‍රතිරෝධී පෙරමුණේ නායක අහමඩ් මසූඩ් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

ගැටුම් නවත්වා සාම සාකච්ඡාවලට එළඹීමට තමන් සූදානම් බවයි ජාතික ප්‍රතිරෝධී පෙරමුණේ නායකයා පවසා ඇත්තේ. 

කෙසේවෙතත් එම ආරාධනය සඳහා තලෙයිබාන් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. 

පන්ජ්ෂීර් නිම්නයේ වෙසෙන එක් ලක්ෂ 50,000 කට අධික වැසියන් පිරිසක් මේවනවිට ගැටුම්වලට මැදිව සිටිනවා.