Monday, April 29, 2024

General line - 0115112241

හදිසි කලාපීය ආරක්ෂක සමුළුවක් ඉන්දියාවේ දී




ඇෆ්ගනිස්තානයේ මතුව ඇති තත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා  විශේෂ කලාපීය ආරක්ෂක සමුලුවක් කැදවා තිබෙනවා. ඒ සදහා මූලිකත්වය ගෙන ක්‍රියාකරන්නේ ඉන්දියාව ,රුසියාව සහ ඉරානයයි.

නොවැම්බර් 10 වනදා නවදිල්ලියේ දී ඇරඹෙන මෙම සමුලුවට එම රටවල් තුනේ සහ මධ්‍යම ආසියානු රටවල  ජාතික ආරක්ෂක උපදේශකවරැන් එක්වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තජිකිස්තානය, කසකස්තානය, උස්බෙකිස්තානය, තුර්ක්මේනිස්තානය, කීර්ගීස්තානය යන  මධ්‍යම ආසියානු රටවල් සියල්ලේ ජාතික ආරක්ෂක උපදේශකයන් ඊට සම්බන්ධ වන බවයි.

කෙසේවෙතත්,පකිස්තාන ජාතික ආරක්ෂක උපදේශකවරයා මෙම සමුලුවට සම්බන්ධ නොවන බව සදහන්.

ඇෆ්ගනිස්තානයේ පවතින තත්වය හමුවේ මධ්‍යම ආසියාවේ ආරක්ෂාව පිළිබද බරපතල ගැටලු මතුවීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම සමුලුවේදී ඒ පිළිබද මූලික අවධානය යොමු කෙරෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.