Friday, May 10, 2024

General line - 0115112241

රාජ්‍ය සේවයට බඳවා ගත් නව උපාධිධාරීන්ට රුපියල් 41,000 ක වැටුපක්




රාජ්‍ය සේවයට බදවා ගත් නවක උපාධිධාරීන් ස්ථිර කර ඔවුන්ට රුපියල් 41,000 ක මාසික වැටුපක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

උපාධිධාරීන් 58,000 කට ආසන්න පිරිසක් රජයේ සේවයට බදවා ගත් අතර  ඔවුන්ට පුහුණුවක් ලබාදීමටද රජය කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කළේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රාජ්‍ය සේවයට බඳවා ගත් නව උපාධිධාරීන් සම්බන්ධයෙන් අද පැවති විවාදයේදී මෙලෙස අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මේ සම්බන්ධයෙන් විවාදයේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ.