Friday, May 17, 2024

General line - 0115112241

විචිත්‍රවත් සමාරම්භයකින් LPL ඇරඹේ




දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා. 

ඒ, විචිත්‍රවත් සමාරම්භක උළෙලකින්. සමාරම්භක උළෙල සඳහා තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ සියලු ක්‍රීඩකයින් එක්ව සිටියා. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා ආරාධනා කර තිබුණේ පැරාලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්තටයි.  

ඔහු නිල වශයෙන් තරගාවලිය ආරම්භ කළ බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තේමා ගීතය භාතිය - සන්තුෂ් සහ යොහානි ප්‍රමුඛ කණ්ඩායම විසින් ගායනා කරනු ලැබුවා. 

මේ, සමාරම්භක උළෙලේදී අදහස් පළ කළ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ගියවර ශූරයින් වු ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් වූ ගෝල් ග්ලැඩියෙටර්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ පැවැත්වෙනවා. 

එම තරගය ආරම්භ වන්නේ රාත්‍රී 07 යි 30 ටයි. මෙවර ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව හිමිව තිබෙනවා. 

ඒ සඳහා අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක් වු පුද්ගලයින්ට පමණයි. 

ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් සියයට 50 කට තරඟ නැරඹීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.