Wednesday, May 1, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නායක දිමුත් වසරේ ටෙස්ට් විශිෂ්ඨයින් අතරට




මේ වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අතරින් විශිෂ්ඨතම ක්‍රීඩකයින් සිව්දෙනා අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද තේරීපත්වී තිබෙනවා. 

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා තෝරාගැනීමට අදාළව අද ප්‍රකාශයට පත් කළ නිර්දේශිත නාමයන්ට අනුවයි.

දිමුත් කරුණාරත්න එම නම් අතරට එක්ව ඇත්තේ මේ වසරේ සහභාගීවූ ටෙස්ට් තරඟ 07 කදී ශතක 04 ක් සමඟ ලකුණු 902 ක් රැස්කිරීමත් සමඟයි. 

දිමුත්ට අමතරව එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දිය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමින්සන් ද නිර්දේශිත නාමයන් අතරට අයත්.