Sunday, May 5, 2024

General line - 0115112241

සංචිතවලින් ණය ගෙව්වොත් රට අමාරුවේ - ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අගවයි




පවතින විදේශ ණය ප්‍රතිව්‍යුවහ ගතකර ගැනීමකට ආණ්ඩුව වහා යොමු විය යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනයේ ප්‍රධානී ආර්ථික විශ්ලේශක ආචාර්ය නිශාන් ද මෙල් පවසනවා. 

පවතින විදේශ සංචිත මගින් ණය ගෙවීමට ආණ්ඩුව තීරණය කළ හොත් එය රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බවයි නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

මේ අතර මෙරට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 යි දශම 1 ක් දක්වා වැඩිවීම මගින් මෙරට ආර්ථික ගැටළුවලට විසඳුම් නොලැබෙන බව  කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පෙන්වා දෙනවා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ.