Thursday, May 9, 2024

General line - 0115112241

සත්මාල ඇල්ලේ සෙල්ෆි ඡායාරුප ගැනීමට ගිය පියෙකු සහ පුත්‍රයෙකු අතුරුදන්




දෙණියාය සත්මාල ඇල්ල අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පියෙකු සහ පුත්‍රයෙකු එම ඇල්ලට ඇද වැටී අතුරුදන්වී තිබෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ 48 හැවිරිදි පියෙකු සහ 16 හැවිරිදි පුත්‍රයෙකු බවයි පොලීසිය පැවසුවේ. අද දහවල් ඔවුන් එම අනතුරට මුහුණපා තිබෙනවා. ඔවුන් සොයා මේ වන විට සත්මාල ඇල්ලේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම අනතුර පිළිබඳව ප්‍රදේශවාසියෙකු මෙලෙස විස්තර කළා.

මෙලෙස දෙණියාය සත්මාල ඇල්ලට ඇදවැටී අතුරුදන්ව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුත්‍රයෙකු බවයි පොලීසිය පැවසුවේ.