Thursday, May 9, 2024

General line - 0115112241

රුපියල් කෝටි දෙකහමාරක විදෙස් මුදල් සමග 05 දෙනෙකු කටුනායකදී රේගු දැලේ




රුපියල් කෝටි දෙකහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස  ඩුබායි වෙත රැගෙන යමින් සිටි ජාවාරම්කරුවන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසුවේ සැකකරුවන් පිරිස කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දීර්ඝ කාළයක් පුරා ඔවුන්ගේ කටයුතු නිරීක්ෂණය කරමින් සිට ඇති බවත් එහි ප්‍රතිපලයක් ලෙස අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

සැකකරුවන් පිරිස ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකින් රටින් පිටවිම සඳහා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. සැකකරුවන් පිරිස විසින් රැගෙනවිත් තිබූ අත්බෑග තුළ  ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ ඇමෙරිකානු ඩොලර් 95,000 ක් යූරෝ 18,000 ක් සහ සවුදි රියාල් 37,000 ක් සොයා ගැනුණු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසුවේ.