Thursday, May 9, 2024

General line - 0115112241

සුදුස්සාට නිසි තැන දෙන්න රාජ්‍ය ඇමතිවරයෙක් කැමැත්තෙන්




වර්තමානයේ අන්තර්ජාල හරහා පුද්ගලයන් සැබෑ ලෝකයෙන් පිටතට රැගෙන යන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. 

මේ හේතුවෙන් දේශපාලනික, සංස්කෘතික හා සමාජය යන අංශවලින් ජනතාව පරිහානියට පත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ වර්තමානයේ ගෞරව නාම ලබා දෙන පුද්ගලයින් සම්බන්ධයෙන්ද ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි. 

ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් ඊට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දුන්නේ.

https://soundcloud.com/user-707339955/prpf-channa-02?si=60222f2b6c174b78baceeee1cfb48f3e&utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing