Thursday, May 9, 2024

General line - 0115112241

අවුරුද්ද පුරාම බන්දුලගෙන් රුපියල් 75 ට පොල් 




සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද සිට මේ වසර පුරා අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එකවර පොල් ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර පොහොර ගැටලුව හේතුවෙන් ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අදහස් පළ කළා.

පොහොර ගැටලුව හේතුවෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළද ඇතැම් ගොවීන් සහ ගොවි සංවිධාන පවසන්නේ ලබාදෙන වන්දිය ප්‍රමාණවත් නොවන බවයි.