Thursday, May 9, 2024

General line - 0115112241

උසස් පෙළ විභාග ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක්




උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක් පනවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන අවධාරණය කරනවා. 

ඒ අනුව විභාගය පවත්වන අවස්ථාවේදී පන්ති කාමරය භාරව සිටින ගුරුවරුන් හරහා නියමිත වේලාව දැනගෙන සිය ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාලවරයා සිසු සිසුවියන්ගෙන් ඉල්ලීමක් කළේ.

උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 19 යි 11 දුරකථනය අංකය අමතන ලෙසද විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා

2021 අපොස උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.