Thursday, May 9, 2024

General line - 0115112241

විදේශ රැකියා ඉලක්ක කර වෘත්තිය පාඨමාලා අරඹන්න අගමැතිගෙන් උපදෙස්




විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්තිය පාඨමාලා ආරම්භ කරන ලෙස ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. 

ඒ, අරලියගහ මන්දිරයේදී වෘත්තිය පුහුණු පාඨමාලා පවත්වන රාජ්‍ය ආයතන නියෝජිතයින් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. 

තරුණ, තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා ලබාදීම පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබෙනවා. පාසල් අධ්‍යාපනය හැර යන පිරිස පුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස් රැකියාවලට යොමු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව සහ දෝහාකටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබැර්තු එක්ලක්ෂ අසූතුන්දහසකට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙනවා.