Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගන් වැසියෝ පෝලිමට ඉරානයට පනිති




අසල්වැසි ඉරානයට දිගින් දිගටම නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කරන දහස් ගණන් ඇෆ්ගනිස්තානුවන්ගෙන් හේරාට් පළාතේ සංචාරකයින් සඳහා වන නවාතැන් පොළවල් පිරී ගොස් ඇතැයි වාර්තාවනවා. 

ඉරානයට මායිම් වන නිම්රෝස් පළාතට පැමිණෙන සංක්‍රමණිකයන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින්,  Tolo News සිදු කළ වාර්තාකරණයකට අනුව මෙම පිරිසෙන් සියයට 30 ක් පමණක් වීසා බලපත්‍ර සහිතව නීත්‍යානුකූල ලෙස ඉරානයට ඇතුළු වන බව සදහන්. 

සෙසු සියයට 70 ක පමණ පිරිස නීති විරෝධී මාර්ග භාවිතා කරමින් අනතුරැදායක ලෙස ඉරානයට ඇතුළුවන බව ද එම වාර්තාවේ දැක්වෙනවා. 

මෙම අනවසර සංක්‍රමණිකයන්  අතර දරුවන් සහ ලබාල තරැණයන් බොහෝ දෙනෙකු සිටින බව ද Tolo News වාර්තාවේ සදහන්. 

මේ අතර පළාතේ සංචාරක නිකේතනයන්හි හිමිකරුවන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන මෙම සංක්‍රමණකයින් හේතුවෙන් තමන්ගේ ආදායම නම් ඉහළ ගොස් ඇති බවයි. 

ඇෆ්ගන් රජය බිඳ වැටීමෙන් පසු රැකියා විරහිතවූවන් අතර උගත් තරැණයන් විශාල සංඛ්‍යයාවක් සිටින අතර ඔවුන් දහස් ගණනින් රැකියා සොයා ගැනීමට සහ එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට උත්සාහ කරමින් රට හැර යාමට කටයුතු කරමින් ඇති බව සදහන්.