Saturday, April 27, 2024

General line - 0115112241

කොවිඩ් හතරවන රැල්ලක් ගැනත් පණිවිඩයක්




කොවිඩ් 19  සිව්වන කොවිඩ් රැල්ලක් ඇති වීමේ සම්භාවිතාව අඩු වුවද  එවැනි තත්ත්වයක් ඇති විය නොහැකි යැ‍යි කිසිවකුට අනාවැකි පළ කළ නොහැකි බව ඉන්දියාවේ ප්‍රකට වෛරස් විද්‍යාඥයකු වන මහාචාර්ය ටී ජේකොබ් ජෝන් පවසනවා.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා පවසා ඇත්තේ සිව්වැනි රැල්ලක් පිළිබඳ අනාවැකි කීමට තරම් කිසිදු  විද්‍යාත්මක හෝ වසංගත විද්‍යාත්මක හේතුවක් තවමත් දක්නට නොමැති බවයි. 

එහෙත් එය සිදු නොවනු ඇතැයි කිසිවකුට පැවසිය නොහැකි අතර සම්භාවිතාව අතිශයින් අඩු බව පමණක් පැවසිය හැකි යැයි ඔහු කියා සිටිනවා.

කෙසේවෙතත් කෝවිඩ් 19 පිළිබද තවදුරටත් අවධානයෙන් සිටීම සහ ප්‍රවේසම්වීම වැදගත් බවයි ඔහු වැඩිදුරටත්  පවසා ඇත්තේ.

වෛරස සහ ඒවායේ ප්‍රභේද පිළිබඳ දිගින් දිගටම සොයා බැලීමේ අවශ්‍යතාවය පිළිබඳව සඳහන් කරමින් නව ප්‍රභේද මතු වී ඇත් ද යන්න සොයා බැලිය යුතු අතර ඔමික්‍රෝන් අභිබවා යන ප්‍රභේදයන් වැඩි තැන්වලදී ඒ පිළිබඳ පරීක්ෂණ වැඩි කළ යුතු බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.