Monday, April 29, 2024

General line - 0115112241

ලංකාවෙන් ගිය ඉන්දීය විදේශ ඇමති සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර සාකච්ඡා




ඉකුත් දා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්  ජයිසංකර් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමග සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී ඉන්දු පැසිෆික් කලාපයේ තත්වය, ලෝක ආර්ථිකය සහ යුක්රේන අර්බුදය පිළිබද සාකච්ඡා කෙරැණු බවයි.

මේ අතර, අප්‍රේල් 11 වනදා වොෂින්ටන් හිදී ඉන්දියාව සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා වටයක් ද පැවැත්වීම‍ට නියමිතව තිබෙනවා.

ඒ යටතේ විදේශ අමාත්‍ය එස් ජයිසංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජිනාත් සිං ඇමරිකානු විදේශ ලේකම් එස් ජයිසංකර් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.