Sunday, January 5, 2025

General line - 0115112241

ෆේස් බුක් කැලඹූ නකල්ස් මස් වැද්දන් රිමාන්ඩ් (UPDATE)




නකල්ස් රක්ෂිතයේ දුර්ලභ ගණයේ සතුන් දඩයම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ තෙල්දෙණිය වැඩබලන මහේස්ත‍්‍රාත් ප‍්‍රබෝධිකා නියාගම මහත්මියගේ නියෝගයකට අනුවයි.

සතුන් දඩයම් කිරීමට අදාළව ඡායාරූප ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ පළ පළ වීමත් සමග ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇති වුණා.

පසුව සිදු කෙරුණු විමර්ශනයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගත් අතර තවත් සිවු දෙනෙකු අද පන්විල පොලිස් ස්ථානයට භාර වුණා. ඔවුන් අවුරුදු 20, 22, 28,30, 33 හා 42 යන වයස් සීමාවල පසුවන්නන්.

වනජීවි නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ පන්විල සෙන් ජොන්ස් වත්ත මඩුල්කැලේ ප‍්‍රදේශයේදී මීට වසර 5කට පෙර මෙම සතුන් දඩයම් කර ඇති බවයි.

police www.nethfm.com1 police www.nethfm.com2 police www.nethfm.com3 police www.nethfm.com4 police www.nethfm.com5 police www.nethfm.com6 police www.nethfm.com7

……………………………………………………………………………..

මස්වැද්දා පොලිසියට භාර වෙයි

Jul 3, 2016 @ 11:56

හේමන්ත කහවලගේ

 

දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කළ බවට චෝදනා එල්ල වූ සාද් ශරාෆ් නමැති පුද්ගලයා අද (03) පෙරවරුවේ නීතිඥවරයෙකු සමග පැමිණ පන්විල පොලීසියට භාර වී තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඔහු තමන් සතුව තිබූ පිස්තෝලයක් සහ වායුපීඩන තුවක්කුවක්ද පොලීසියට භාරදී ඇති බවයි. මොහුව හෙට (04) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නකල්ස් රක්‍ෂිතයේ වෙසෙන දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා. ඔහු තමන් විසින් එලෙස මරා දමන ලද වනසතුනගේ ඡායාරූපද ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබුණා.

සැකකරු සමග අද දිනයේදී තවත් දෙදෙනෙකු මෙලෙස පන්විල පොලීසියට භාරවී තිබෙනවා. ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව 6 ක්.

07 Hunters-02-www.nethfm.com-00001 Hunters-02-www.nethfm.com-00002 Hunters-02-www.nethfm.com-00003 Hunters-02-www.nethfm.com-00004