Friday, May 10, 2024

General line - 0115112241

මහ පොළොවේ යතාර්ථය තේරුම් අරන් එකට එකතු වෙලා වැඩ කළ යුතු කාලයක් මේක - හිටපු අගමැති




ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනා ගේ බහුතර බලය පෙන්නුවත් රටේ පවතින වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු රැසක් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී හිටපු අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මහ  පොළොවේ යථාර්ථය තේරුම් ගෙන සියලු දෙනාම එකතු කරගත් ගමනක් යා යුතුව ඇති බවයි.

විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල්  ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා රජයේ ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට තමා ද එකඟ වන බව සඳහන් කර සිටියා.

"රඹුක්කන සිද්ධිය පරීක්ෂා කරන්න  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගොස් තිබෙනවා.වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ. බී රිපෝට් එක ඒ රිපෝට් එක කළා.බී රිපෝට් එකේ නම් කැපුවා.වෙඩි තබන්න කියන්නේ එතන හිටපු ජේෂ්ඨම පොලිස් නිලධාරියා. 

බී රිපෝට්  එකේ ඔහුගේ නම දාන්න ඕන.එතුමා වෙඩි තියන්නට හේතුව පැහැදිලි කළ යුතුයි.එය කිව්වේ නැහැ. ඔක්කොම විනය කඩලා. මේ නියෝග දුන්නේ පිටින් ද?මේ නියෝග දුන්නේ කවුදැයි කියා මෙය ඉවරයක් කරලා දාන්න. මෙය ඇදගෙන යන්න උවමනා නැහැ"!යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි. 

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. 
 

මේ අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා අභියෝග එක්සත්ව ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්.