Thursday, May 9, 2024

General line - 0115112241

පරිසර දූෂණය නිසා වසරක් තුළ ලෝකයට පුද්ගලයින් ලක්ෂ 90 ක් නැති වෙයි




පරිසර දූෂණය හේතුවෙන් 2019 වසරේ පමණක් ලෝකයේ පුද්ගලයින් ලක්ෂ 90 කට ආසනන් පිරිසකට අකල් මරණවලට ගොදුරු වීමට සිදුව ඇතැයි “ලැන්සෙට් කොමිසම” නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් අනාවරණ කර තිබෙනවා. 

එය ගෝලීය මරණවලින් හයෙන් එකකට ආසන්නයි. ඔවුන් පවසන්නේ වායු දූෂණය, ජල දූෂණය සහ පස දූෂණය හේතුවෙන් පිළිකා, හෘද සහ ස්වසන රෝග ඇතුළු තවත් බරපතල රෝගී තත්ත්වයන් මෙම මරණවලට හේතුවී ඇති බවයි.

මෙහි විශේෂත්වය වන්නේ මියගිය පුද්ගලයින්ගෙන් ලක්ෂ 23කට වැඩි පිරිසක් ඉන්දියානුවන් වීමයි. ඒ අතරින් ද එක් ලක්ෂ 60,000 ක් මියගොස් ඇත්තේ වායු දූෂණය හේතුවෙන්. ජල දූෂණය හේතුවෙන් ජීවිත අහිමි වූ ඉන්දියානුවන් සංඛ්‍යාව ලක්ෂ 05 කට අධිකයි. චීනයේ මියගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ 21 කට ආසන්න වනවා.

ගෝලීය වශයෙන් ගත් කළ පරිසර දූෂණයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ පහළ ආදායම් සහ මැදි ආදායම් ලබන රටවල ජනතාවයි. මහජන සෞඛ්‍ය පිළිබඳ දත්ත එක්රැස් කරන ලැන්සෙට් කොමිසමේ නවතම අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයට වඩා පරිසර දූෂණය ඉතා දරුණු බවයි.