Thursday, May 9, 2024

General line - 0115112241

විදුලි පනත රටට හොඳද- විශේෂඥයෙකුගෙන් අනාවරණයක්




විදුලිබල පනත සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ මතුව ඇත්තේ දැඩි කතාබහක්. රටේ ඩොලර් හිඟය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ ක්ශේත්‍රයක් වූයේ ද විදුලි බල ක්ශේත්‍රයයි. එවන් පසුබිමක පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු වුණේ විදුලිබල පනත සංශෝධනය හරහා මෙරට බලශක්ති ක්ශේත්‍රයට විදෙස්ගත මහා පරිමාණ සමාගම්වලට අතපෙවීමට ඉඩ සැලසෙන බව පවසමින්.

සැබෑ ලෙසම විදුලි බල පනත රටට අවාසිදායකද ? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් බල ශක්ති ක්ශේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය විදුර රළපනාවගෙන් විමසීමක් කළා.

ඉන්දීය අදානි සමාගම පැමිණීම සහ විදුලි බල පනත සංශෝධනය අතර සම්බන්ධයක් පෙනෙන්නට නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ලෙස විදුලිබල පනත සංශෝධනය කිරීමේ සූදානමට විරෝධය පළ කිරීමයි.

කෙසේවෙතත් ඊයේ දිනයේ විදුලි බල පනත සම්මත වූයේ සංශෝධන රහිතවයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වැඩ වර්ජනය දියත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත ඉසුරු කස්තුරිරත්නගෙන් විමසීමක් කළා.

කෙසේවෙතත් විදුලි වර්ජනයට හේතුවූ විදුලිබල පනතේ 43 වන වගන්තිය ඉවත් කිරීමට ගෙනආ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූයේ වැඩි ඡන්ද 84 කින්.

මේ අතර නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ ද මතුවූ විදුලි අර්බුදය පිළිබඳවයි.