Thursday, May 9, 2024

General line - 0115112241

WFP ප්‍රධානියා මෙරටට පැමිණීමට නියමිත බව අගමැති කියයි




ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියාට මෙරටට පැමිණීමට සිදුකළ ආරාධනය පිළිගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ඔහු ඉක්මනින් ශ්‍රි ලංකාවට පැමිණීමට සැලසුම් කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළා. 

තමන් සමඟ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ඊයේ සිදුකළ සාකච්ඡාවකදී මෙම ආරාධනාව කළ බවයි ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබෙන්නේ. 

ලෝක ආහාර සංවිධානය ශ්‍රී ලංකාවට දක්වන සියළු සහයෝගයන් සම්බන්ධයෙන් අගය කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.