Thursday, May 9, 2024

General line - 0115112241

මෙරට චීන තානාපති හිටපු ජනපති හමුවෙන්න යයි




චීන තානාපති කී සොන්හොංග් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, පොළොන්නරුවේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදීයි. චීනය දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා චීන රජය වෙත විශේෂ ස්තුතියක් එහිදී පලකර තිබෙනවා. 

පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපතිවරයා වෙත සහ චීන රජය වෙත සිය ප්‍රසාදය පලකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

තම පාලන කාලය තුළ චීනය සමග ඉතා සුහදශීලීව කටයුතු කිරීමට හැකිවූ බවත්, එමගින් ශ්‍රී ලංකාව වෙත චීනයේ උදව් උපකාර විශාල වශයෙන් ලබාගැනීමට හැකිවූ බවත්, හිටපු ජනාධිපතිවරයා එහිදී චීන තානාපතිවරයා වෙත ප්‍රකාශ තිබෙනවා. 

මිත්‍ර රටක් ලෙස ඉතා ඕනෑකමින් ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි චීන තානාපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.